ලෝක සෞඛ්‍ය සංවිධානය සමග චීනයේ තාක්ෂණික හුවමාරු අඛණ්ඩව
2023-01-05 17:34:49
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග චීනය අඛණ්ඩව තාක්ෂණික හුවමාරු පවත්වන බව චීනය කියාසිටී.

චීනය වඩාත් සවිස්තර මෙන්ම නිවැරදි තොරතුරු ලොවට අනාවරණය කරනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දා අපේක්ෂා පළකර තිබිණ. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, වසංගතය මතුවීමෙන් පසු චීනය විවෘත මෙන්ම විනිවිදභාවයෙන් යුතුව ජගත් ප්‍රජාව සමග කොරොනා වෛරස ජාන අනුපිළිවෙළ ඇතුළු සියලු තොරතුරු නිසියාකාරයෙන් බෙදාගත් බවයි. ඉන් විවිධ රටවල එන්නත් සහ ඖෂධ පර්යේෂණය හා නිෂ්පාදනයට වැදගත් තොරතුරුමය දායකත්වයක් ද සැපයිණ.

චීනය සමග පැවති තාක්ෂණික හුවමාරු සමුළුව සාර්ථකව පැවැත්වීමෙන් සක්‍රිය ප්‍රතිඵල ලබාගැනුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවස්ථා ගණනක දී ප්‍රකාශ කර ඇතැයි ද Mao Ning මහත්මිය කියාසිටී. වත්මන් චීනයේ වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග තාක්ෂණික හුවමාරු ඇතුළු ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වන බව ද ඇය අවධාරණය ක‍ළාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම