වසංගත පාලනය සඳහා තමරටේ ක්‍රියාත්මක නව ප්‍රතිපත්ති ඇමරිකා‍නු මාධ්‍ය විසින් අපකීර්තියට ලක්කිරීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය
2023-01-05 18:54:04
Share with:

නව කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා චීනයේ ක්‍රියාත්මක නව ප්‍රතිපත්තීන් හා වසංගත පාලනයෙන් අත්කර ගැනුණු ප්‍රතිඵල ඇමරිකා‍නු සුළුතර මාධ්‍ය විසින් අපකීර්තියට ලක්කිරීම සම්බන්ධයෙන් චීනයේ විරෝධය පළවෙයි.

ඇමරිකාවේ New York හි චීන කොන්සල් කාර්යාලයේ ප්‍රකාශක, උප කොන්සල් ජනරල් Qian Jin මහතා ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් මේ බව පැවසීය.

ඔහු පවසන්නේ නව කොරොනා වසංගතය හටගත් දා සිට, චීනය, ජනතාව හා ජනජීවිතයට ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි. ගතවූ වසර 3 තුළ ලොව සිදුවී ඇති කොවිඩ් රැලි 5කට චීනය සාර්ථකව මුහුණ දී තිබේ. එමෙන් ම, එක්සත්ව වසංගතය පාලනය කරන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා තිබේ. කොවිඩ් එන්නතක් අන්තර්ජාතික පොදු නිපැයුමක් ලෙස භාවිත කිරීම සඳහා ප්‍රථමයෙන්  ඉදිරිපත් කරනු ලැබුවේ චීනයෙන් වීමත් විශේෂත්වයකි. ‍‍

නව කොරොනා වෛරස් ආසාදනය ‘බෝවන B වර්ගයේ රෝග පිළිබඳ A මට්ටමේ’ සිට ‘ B මට්ටම’ දක්වා අවම කිරීම යන නව ප්‍රතිපත්තිය චීනය සකස් කර ඇත්තේ විද්‍යානුකූල ව වසංගත පාලනය හා ආර්ථිකය වර්ධනය සමගාමීව ක්‍රියාත්මක කිරීම උදෙසා යි. ජනතාවගේ මූලික ප්‍රතිලාභ එමගින් ආරක්ෂා කෙරෙනු ඇතැයි ද හෙතෙම කියාසිටී.

මේ අතර, රටවල් රැසක් දෙස්-විදෙස් ගමනාගමනයේ දී චීනය ක්‍රියාවට නංවන තාවකාලික ක්‍රමවේදයන් පැසසුමට ලක් කර ඇති බව ද Qian Jin මහතා පවසා තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම