වෛරසය බහුලව ව්‍යාප්ත වන ප්‍රධානම රට ඇමරිකාවයි
2023-01-05 10:01:38
Share with:

චීනයේ “වෛරසයේ නව ප්‍රභේද විකෘති වීමට ඇති හැකියාව”පිළිබඳව උපුටා දක්වමින් ඇමරිකාව අද (5) දින සිට චීනයෙන් පැමිණෙන සංචාරකයින්ට ඇතුළුවීමේ සීමාවන් පැනවීමට නියමිතව තිබේ. කෙසේ වෙතත්, කරුණු විශ්ලේෂණයෙන් අනාවරණය වන්නේ, දැනට චීනයේ සංසරණය වන BA.5 උප ප්‍රභේදය මාස කිහිපයකට පෙර ඇමරිකාවේ සංසරණ වූ ප්‍රධාන ප්‍රභේදයක් වූ අතර, මෑතක දී ෂැංහයි සහ hangzhouහි හඳුනාගත් නවතම ප්‍රභේදය වන XBB.1.5 ද ඇමරිකාවේ බහුල වශයෙන් ව්‍යාප්තව ඇති ප්‍රධාන ප්‍රභේදය වන බවයි.චීනය ගෝලීය වසංගතයේ ගොදුරක් බව පැහැදිලිය.නමුත් ඇමරිකාව නිවැරදි තත්ත්වය පිළිබඳ නොසලකා හරිමින් විද්‍යාවට එරෙහි වන විකට දේශපාලන රංගනයක නිරත වේ.

ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ දත්ත පෙන්නුම් කරනුයේ, ඇමරිකාවේ සංසරණය වන වෛරස ප්‍රභේද නිරන්තරයෙන් යාවත්කාලීන වන බවයි.

 " ප්‍රතිශක්තීකරණය ගිලිහී යාමට" පවතින අතිශය ඉහළ හැකියාව හේතුවෙන් XBB.1.5 ප්‍රභේදය,ඇමරිකාවේ සංසරණ වන වේගවත්ම සහ ප්‍රධානම වෛරස ප්‍රභේදය බවට පත්ව ඇති බව රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ද සහතික කරයි.

ගෝලීය ඉන්ෆුලුවෙන්සා දත්ත හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයට අනුව, ඇමරිකාවේ ප්‍රාන්ත 43ක් ඇතුළුව, XBB.1.5 ප්‍රභේදය දැන් අවම වශයෙන් රටවල් 74ක සහ විවිධ කලාපවල දක්නට ලැබේ.

මේ වන විට චීනයේ වසංගතය තත්ත්වය පාලනය වෙමින් පවතින අතර ,ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. මෙම ජනවාරි 8 වනදා සිට චීනය විදේශිකයින් සහ භාණ්ඩ ඇතුළුවීමේ දී නිරෝධායන සහ බෝවන රෝග පාලන පියවර ක්‍රියාත්මක කිරීම අවසන් කිරීමට ද පියවර ගෙන ඇත. බොහෝ රටවල් එයට ඉතා උනන්දුවෙන් ප්‍රතිචාර දක්වා ඇත.

දේශපාලන ප්‍රතිචාරයන්ට වසංගතය පැතිරීම නැවැත්විය නොහැකි බවත්, සහයෝගීතාවයෙන් පමණක් දුෂ්කරතාවලින් මුදා ගත හැකි බවත්, පසුගිය වසර තුනක අත්දැකීම් සහ පාඩම් තුළින් නැවත නැවතත් සනාථ කර තිබේ. ඇමරිකානු රජය එරටට  පැමිණෙන චීන සංචාරකයින් ඉලක්ක කර ගැනීම යුක්ති සහගත නොවන, වැරදි සහ නිෂ්ඵල උත්සාහයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම