බ්‍රිතාන්‍ය දුම්රිය සේවකයෝ වැඩ වර්ජනයක
2023-01-05 09:18:59
Share with:

බ්‍රිතාන්‍ය දුම්රිය සේවකයෝ වැඩ වර්ජනයක නිරත වෙති.

වැටුප්, රැකියා තනතුරු සහ සේවා කොන්දේසි පිළිබඳ දීගු කාලීන ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් බ්‍රිතාන්‍ය දුම්රිය සේවකයෝ මෙම සතියේ යළි වැඩ වර්ජනයක නිරත වෙති. ඉන් බ්‍රිතාන්‍ය දුම්රිය පද්ධතිය අඩාල වනු ඇත. දුම්රිය වර්ජනය හේතුවෙන් මිලියන ගණනක මගීන්ගේ ගමනාගමනයට බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බ්‍රිතාන්‍ය සහ සෙසු යුරෝපා රටවල් ඇමරිකාව අනුගමනය කරමින් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවූ අතර එය යුරෝපයේ බලශක්ති අර්බුදයට සහ ඉහළ උද්ධමනයට හේතුවී තිබේ. පසුගිය වසරේ අප්‍රේල් මස සිට බ්‍රිතාන්‍ය උද්ධමන අනුපාතය සියයට 9කට වඩා ඉහළ ගොස් ඇත. විශේෂයෙන් ම පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට එරට උද්ධමන අනුපාතය මාස තුනක් පුරා අඛණ්ඩව සියයට 10  ඉක්මවා ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම