ඇමරිකානු ආර්ථිකයේ සිදු වන දරුණු අවපාතයක් පිළිබඳ අනාවරණයක්
2023-01-05 11:06:51
Share with:

මෙම වසරේ ඇමරිකානු ආර්ථිකය "දිගුකාලීන පරිහානියකට" ප්‍රවේශ වීමේ සම්භාවිතාවක් පවතින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන පවසයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody's හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Mark Zandi මහතා ඊයේ (4) ඒ බව සඳහන් කරමින් නව ඉදිරි දැක්මක් පිළිබඳ වාර්තාවක් නිකුත් කළේය. දශක ගණනාවක් තුළ ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ වඩාත්ම ආක්‍රමණශීලී ලෙස හුවමාරු අනුපාත ඉහළ දැමීමේ ප්‍රතිපත්තිය, 2023 වසරේ ඇමරිකානු ආර්ථික වර්ධනයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බව ද එම වාර්තාවෙන් අවධාරණය කෙරේ. 2023 වසරේ සියලුම කාර්තුවල ඇමරිකානු ආර්ථික වර්ධන අනුපාත වාර්ෂිකව සියයට 1 නොඉක්මවන බවත්, 2024 වසරේ තුන්වන කාර්තුව වන විට සියයට 2 ඉක්මවිය හැකි බවත් එම වාර්තාව පුරෝකථනය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම