තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (05) සිට
2023-01-05 15:16:34
Share with:

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (05) සිට 23 වැනිදා දක්වා සිදුකෙරේ.

තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති සියලු දෙනා  මෙම කාලය තුළ අදාළ අයදුම්පත් සහතික කිරීමේ නිලධාරීන් වෙත භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

සහතික කිරීමේ නිලධාරීන් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකව පරීක්ෂා කර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව සහතික කළයුතු අතර, එම අයදුම්පත් ජනවාරි 23 දිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබෙන සේ යැවිය යුතු වේ.

එම දිනය නැවත දීර්ඝ නොකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම