නැවත දන්වන තුරු පොලී අනුපාතය ඉහළ මට්ටමක පවතීවි- ඇමරිකානු පෙඩරල් සංචිතය
2023-01-05 10:41:53
Share with:

ඉදිරියේ යම් කාල සීමාවක් තුළ පොලී අනුපාතය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ඇමරිකානු පෙඩරල් සංචිතය පවසයි.

ඇමරිකානු පෙඩරල් සංචිතය ඊයේ (04) 2022 වසරේ දෙසැම්බර් මස 13 හා 14 යන දෙදින පැවති කමිටු රැස්වීමේ දී මෙම සටහන නිකුත් කළේ ය. එම සටහනට අනුව පවතින උද්ධමනය පාලනය සඳහා උද්ධමන අනුපාතය 2% දක්වා සීමා කිරීමට ඇමරිකානු පෙඩරල් සංචිතය උත්සාහ දරමින් සිටී. ඒ අනුව පාරිභෝගික මිළ දර්ශකය පහත වැටෙන බවට පැහැදිලි සාක්ෂි පහළ වන තුරු ඉදිරියේ යම් කාල සීමාවක් තුළ පොලි අනුපාතය ඉහළ මට්ටමක පවතිනු ඇත.

        

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම