වසංගතය පාලන ප්‍රතිපත්ති කිසිවිටෙකත් දේශපාලනීකරණය නොවිය යුතු බව චීනය අවධාරණය කරයි
2023-01-05 18:40:48
Share with:

වසංගතය පාලනය කිරීමේ දී කිසිදු රටක් වර්ගවාදී පියවර නොගත යුතු බව චීනය කියාසිටී.

ලබන 8 වනදා සිට චීනයෙන් පැමිණෙන මගීන් සම්බන්ධයෙන් වසංගත පාලන නව පියවර අනුගමනය කරන බව ජපාන රජය නිවේදනය කර ඇත.  ඒ අනුව, චීනයේ සිට ජපානයට පැමිණීමේ දී පැය 72 ක් තුළ ලබාගත් ඍණාත්මක PCR ප්‍රතිඵලයක් ඉදිරිපත් කළ යුතු වේ. එසේම යුරෝපා සංගමය සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ ද චීනයේ සිට පැමිණෙන්නන් සඳහා නව වසංගත පාලන ක්‍රමවේද අනුගමනය කරන ලෙස යි.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ පවතින සැබෑ තත්ත්වයට අනුව විවිධ රටවල් වසංගත පාලන පියවර සකස් කළ යුතු බවයි. එම තත්ත්වය දේශපාලනීකරණය නොකළ යුතු බවත්, වර්ගවාදී පියවර නොගත යුතු බවත්, සාමාන්‍ය ජාත්‍යන්තර ගමනාගමනය, හුවමාරු හා සහයෝගිතාවලට බලපෑම් සිදු නොකළ යුතු බවත් ඇය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම