ජපානය න්‍යෂ්ටික අපජලය සාගරයට මුදා හැරීමට පැසිපික් කලාපයෙන් විරෝධය
2023-01-04 16:43:25
Share with:

            “ අපි ජපානයට යමක් සිහිපත් කරන්න කැමතියි. තමන්ගේ න්‍යෂ්ටික අපජලය ආරක්ෂිත බව නිගමනය කරනවා නම්, එම අපජලය ටෝකියෝවට මුදා හරින ලෙසත්, පැරිස්හි දී අත්හදා බැලීම් කරන ලෙසත්,වොෂිංටනයේ  දී එය ගබඩා කරන්න ලෙසත්, අපි ජපානයෙන් ඉල්ලීමක් කරනවා. ඒ, අපේ ෆැසිපික් කලාපය න්‍යෂ්ටිකකරණයෙන් තොරව පවත්වාගෙන යාම ‍සඳහායි. ” යනුවෙන්  පසුගියදා වනුවාටුහි ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු පවසා ඇත.මෙය ජපානය සිය න්‍යෂ්ටික අපජලය සාගරයට මුදා හැරීම සම්බන්ධයෙන් ෆැසිපික් කලාපයේ ජනතාව පළ කළ අප්‍රසාදයේ නියෝජනයක් ‍වශයෙන් සැලකිය හැකිය.

            2023 වසරේ වසන්ත කාලයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය සාගරයට මුදා හැරීම ආරම්භ කරන බව,2021 වසරේ අප්‍රේල් මාසයේ දී ජපාන රජය ප්‍රකාශ කළේය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ බරපතල න්‍යෂ්ටික අනතුරු සිදු වූ බැවින්, ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස මෙට්‍රික් ටොන් ලක්ෂ 13කට වැඩි අපජලයක් ජනිත විය. ජපානයේ ලාභ නොලබන සංවිධානයක් මෑතක දී පළ කළ ලිපියකට අනුව ,එම න්‍යෂ්ටික අපජලය පිරිපහදු කිරීමෙන් පසුව වුව ද ,එහි විකිරණශීලි ද්‍රව්‍ය වර්ග 64ක් අඩංගු වන බව අනාවරණය කර ඇත.එම විකිරණශීලි ද්‍රව්‍ය සාගරයට මුදා හැරීමෙන් පසු සමස්ත සාගර පරිසරය දූෂණය වනු ඇත. එපමණක් නොව ,අවසානයේ මිනිස් සෞඛ්‍යයට සහ පාරිසරික යහපැවැත්මට අහිතකර ලෙස බලපානු ඇති බව ද එම සංවිධානය පෙන්වා දෙයි. ජපානය මෙම මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක අපජලය සාගරයට මුදා හැරීමෙන් ෆැසිපික් කලාපයට වැඩි වශයෙන් හානි සිදු වීමේ ඉහළ අවධානමක් පවතී.

           න්‍යෂ්ටික අපජලය මුදා හැරීම ‍සඳහා ජපාන රජය තීරණය කළ දින ආසන්න වෙමින් තිබියදී ,ෆැසිපික් කලාපය ඇතුළු ජගත් ප්‍රජාව දැඩි විරෝධය පළ කරමින් සිටී. මෙලෙස ජපාන රජය සිය සැලැස්ම ක්‍රියාත්මක කළහොත්, ෆැසිපික් කලාපීය රටවලට ජපානයෙන් වන්දි ඉල්ලා සිටීමේ අයිතියත් ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම