චීන ජනපතිගේ නව වසර සුබ පැතුම් පණිවිඩය ජගත් පුද්ගලයින්ගේ ඉහල පැසසුමට
2023-01-04 11:15:15
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නව වසර වෙනුවෙන් පිරිනැමූ සුබ පැතුම් පණිවිඩය ජගත් පුද්ගලයින්ගේ ඉහල ඇගයීමට ලක් වේ.

චීනයේ සංවර්ධනය හා ජයග්‍රහණ ලෝකයට ආදර්ශයක් වී ඇති බවත් අන්තර් ජාතික සහයෝගතා ප්‍රවර්ධනයට චීනය වැදගත් කාර්යභාරයක්  ඉටු කරමින් සිටින බවත් ඔවුහු පවසති.

අසීරුතා රැසක් හමුවේ වුව ද වසර 2022කේ චීනයේ සංවර්ධනය බහුතර සංවර්ධිත රටවල් පවා අභිබවා ගොස් ඇති අතර මෙය ලොවට බලවත් විශ්වාසයක් හා සහතිකයක් එකතු කර තිබෙන බව දකුණු අප්‍රිකාවේ ආසියා හා බ්‍රික්ස් කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත Anil Sooklal මහතා පැවසීය. 

සාමකාමී සංවර්ධනය ප්‍රමුඛ කර ගත් ආර්ථික හා සාමාජීය ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන චීනයට මිත්‍රයින් හා ආර්ථික හවුල්කරුවන් කිසි විටෙක අහිමි නොවන බව ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ ඇෆ්ගනිස්ථාන විශේෂඥයෙක් සඳහන් කරයි.

 දකුණු අප්‍රිකාව අඛණ්ඩව චීනයේ විපර්යාස කෙරේ අවධානයෙන් සිටින බවත් චීන අත්දැකීම් අධ්‍යයනය කිරීම තම රටට අතිශයෙන් වැදගත් වන බවත් දකුණු අප්‍රිකානු උප කථානායක Solomon Lechesa Tsenoli මහතා කියා සිටියි.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම