ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ තත්ත්වය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පවත්වන ලෙසට ආරක්ෂක මණ්ඩලයට ඉල්ලීමක්
2023-01-04 09:42:02
Share with:

ජෙරුසලමේ “පන්සල් කන්ද” ගැටළුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් පවත්වන ලෙස චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉල්ලා සිටී.

චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ (3) ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ තත්ත්වය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. එම රැස්වීම හෙට (5) පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ඊයේ (3) උදෑසන, ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික යුදෙව් ෆෝසා පක්ෂයේ නායක සහ අලුතින් පත්වු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය Itamar Ben-Gvir, ජෙරුසලමේ පැරණි නගරයේ මුස්ලිම්වරුන්ගේ උතුම් තහනම් පෙදෙස ලෙස හැඳින්වෙන පන්සල් කන්ද වෙත ගියේය. පලස්තීනයේ විවිධ පක්ෂ මෙම සංචාරය හෙළා දැක තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම