පිලිපීන - චීන සබඳතාවල නව පරිච්ඡේදයක්
2023-01-04 09:52:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන් පිලිපීන ජනරජයේ ජනාධිපති Ferdinand Marcos මහතා ජනවාරි 3 සිට 5 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරයට පෙර පැවති මාධ්‍ය හමුවක දී  Ferdinand Marcos මහතා ප්‍රකාශ කළේ, පිලිපීන - චීන සබඳතාවල නව පරිච්ඡේදයක් වෙත ප්‍රවේශ වීමට තමන් අපේක්ෂා කරන බවයි.

ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමට බලාපොරොත්තු වන බවත්, දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පිලිපීන ජනාධිපතිවරයා පැවසීය. මෙම සංචාරයෙන් ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක හා සංස්කෘතික හුවමාරු කටයුතු ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන  බව ප්‍රකාශ කළ Marcos මහතා, පිලිපීනයේ සංචාරය කිරීමට චීන සංචාරකයින්ට ආරාධනා කළේය.

2023 වසරේ චීනය විසින් පිළිගනු ලබන පළමු විදේශ රාජ්‍ය නායකයා වන්නේ ද පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතාය. මෙම සංචාරය Ferdinand Marcos මහතා සිය ධූර කාලය තුළ සිදු කළ පළමු චීන සංචාරය වන අතර ආසියන් සංගමයෙන් පිටත රටකට සිදු කළ පළමු නිල සංචාරය ද වේ. චීනය සහ පිලිපීනය ද්විපාර්ශ්වික සබඳතාවලට දක්වන විශාල වැදගත්කම මෙයින් මනාව පිළිබිඹු වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම