චීනය හා ඉන්දුනීසියාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා තවදුරටත් තහවුරු කෙරේ
2023-01-04 16:58:46
Share with:

චීනය හා ඉන්දුනීසියාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා තවදුරටත් තහවුරු කෙරේ.

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය හෙවත් RCEP ගිවිසුම පසුගිය 02වැනි දා සිට ඉන්දුනීසියාව සඳහා බලාත්මක වූ බව චීන වාණිජ අමාත්‍යංශය පැවසීය. මේ අනුව, චීනය හා ඉන්දුනීසියාව RCEP ගිවිසුමේ සඳහන් තීරු බදු අනුපාත ක්‍රියාත්මක කරනු ඇත. මේ වනවිට, RCEP ගිවිසුමට අයත් සාමාජික රටවල් 15 න් 14ක් ගිවිසුම සඳහා බලාත්මක වී තිබේ.

RCEP ගිවිසුමට අනුව, 02වැනි දා සිට චීන නිපැයුම්වලින් 65.1%ක් සඳහා ඉන්දුනීසියාව කඩිනම් ශුන්‍ය තීරු බදු ක්‍රියාත්මක කරනු ඇත. එසේම, ඉන්දුනීසියානු නිෂ්පාදනවලින් 67.9%ක් සඳහා චීනය කඩිනම් ශුන්‍ය තීරු බදු ක්‍රියාත්මක කරනු ඇත.

ගුවන් විදුලිය
20230327සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම