චීනයේ ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල අන්තර්ජාල ආවරණය සියයට 100ක් දක්වා ආසන්නයට
2023-01-04 11:19:24
Share with:

චීනය පුරා සියළුම ප්‍රාථමික සහ ද්විතීයික පාසල් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සම්පූර්ණ කෙරේ. සියයට 75 කට අධික පාසල් සඳහා රැහැන් රහිත අන්තර්  ජාල පහසුකම් ලබා දී ඇති බව චීන අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල ඩිජිටල් ඉගැන්වීම් සඳහා අවශ්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කර ඇත.

ඉගැන්වීම්, පර්යේෂණ සහ ගෙදර වැඩ යන ක්‍රියාකාරකම් වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය ක්‍රියාශීලීව භාවිත කිරීමෙන්, පන්ති කාමර ඉගැන්වීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර තිබේ.

2022 මාර්තු මාසයේ දී ජාතික ප්‍රාථමික හා ද්විතියික පාසල් ස්මාර්ට් අධ්‍යාපන වේදිකාව ක්‍රියාත්මක කිරීමෙන් පසු, වේදිකා පිරික්සීමේ මුළු සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙමින් පවතින අතර, එය මූලික වශයෙන් ලොව විශාලතම ඩිජිටල් අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සහ සේවා වේදිකාව බවට පත්ව ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම