චීන-පිලිපීන ජනපතිවරුන් අතර හමුවක් පැවැත්වීමට සූදානම්
2023-01-04 17:12:22
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතා වෙනුවෙන් බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාව ආශ්‍රිත ව පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට සූදානම් වෙයි. මේ අතර, අද (04) පස්වරුවේ ජනාධිපති දෙපළ හමුවක් පැවැත්වීමට නියමිත ය.

ජනාධිපති Ferdinand Marcos මහතා 2023 වසරේ චීනය පිළිගන්නා ප්‍රථම විදේශ රාජ්‍ය නායකයා යි. ඔහු  ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු චීනයේ නිල සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.  ආසියාන් සංගමයට අයත් රටවලට අමතර ව හෙතෙම සෙසු රටක සංචාරය කරන ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙය යි.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමක් අනුව, පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතා 03 වැනිදා සිට හෙට(05) දක්වා චීනයේ නිල සංචාරයේ නිරත වෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම