න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම කිසිසේත්ම ජපානයට පමණක් අදාළ කාරණයක් නොවන බව චීනය යළි අවධාරණය කරයි
2023-01-04 19:44:52
Share with:

න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම කිසිසේත්ම ජපානයට පමණක් අදාළ කාරණයක් නොවන බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පසුගියදා ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය සාගරයට මුදාහැරීම පිළිබඳ තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායමේ තුන්වන තක්සේරු වාර්තාව නිකුත් කළේය.

ෆුකුෂිමා න්‍යෂ්ටික අපජල දත්තවල සත්‍යතාව සහ නිරවද්‍යතාව මෙන්ම දත්ත රැස් කිරීමේ ක්‍රමය ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල ද නැද්ද  යනාදී විවිධ පාර්ශ්ව දැඩි අවධානය යොමුකරන වැදගත් කරුණු සම්බන්ධයෙන් එම වාර්තාව නිගමනයකට එළඹ නැතැයි Mao Ning මහත්මිය පැවසුවාය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායම තවමත් කිසිදු නිගමනයකට එළඹ නොමැතිව තිබියදීත් ජපාන පාර්ශ්වය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම අනුමත කර බලහත්කාරයෙන් සාගරයට බැහැර කිරීම සඳහා සූදානම් වෙයි. මෙම ක්‍රියාව වගකීම් විරහිත බව ඇය පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර ප්‍රජාවේ නීත්‍යානුකූල හා සාධාරණ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, විවෘත හා විනිවිදභාවයෙන් යුතුව, විද්‍යාත්මකව සහ ආරක්ෂාකාරීව න්‍යෂ්ටික අපජලය බැහැර කරන ලෙසත් චීනය ජපානයෙන් යළි ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම