චීන-පිලිපීන සබඳතාවේ නව පරිච්ඡේදයක් ඇරඹීමට දෙරට ජනපතිවරුන් අතර සාකච්ඡා
2023-01-04 19:17:00
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ.

එම සාකච්ඡාව අද(04) බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

චීනය පිලිපීනය සමඟ සුහද සාකච්ඡා මගින් මුහුදු කලාපයේ ගැටලු නිසි ලෙස විසඳාගෙන, ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් ගවේෂණය පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරමින් ප්‍රකාශ වෝල්ටීයතා, සුළං බලශක්ති සහ නව බලශක්ති වාහන ඇතුළු හරිත බලශක්ති සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව බව ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කළේය. දෙපාර්ශ්වයම මානව හුවමාරු පුළුල් කර අධ්‍යාපනික සහයෝගිතාව ව්‍යාප්ත කරමින් කාලගුණ විද්‍යාව හා අභ්‍යවකාශය වැනි ක්ෂේත්‍රවල නවෝත්පාදන සහයෝගිතා විමසා බැලිය යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පිලිපීනය සහ අනෙකුත් ආසියාන් සංගම් රටවල් සමඟ සහයෝගීතාව සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. දෙරට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කලාපීය හා ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම උදෙසා  සක්‍රිය දායකත්වයක් ලබාදෙමින් පිලිපීනය සමඟ එක්ව කටයතු කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගනිමින් සෑම අංශයකින්ම සහයෝගිතා ශක්තිමත් කොට පිලිපීන-චීන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගී සබඳතාවේ නව පරිච්ඡේදයක් ඇරඹීමට තමා බලාපොරොත්තු වන බව Ferdinand Marcos මහතා මෙහිදී පැවසීය.

චීනය සමඟ කෘෂිකර්මය, යටිතල පහසුකම්, බලශක්ති සම්පත්, මානව හුවමාරු, වෙළඳාම, ආයෝජන, විද්‍යා හා තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථීකය යනාදී ක්ෂේත්‍රවල පුළුල් සහයෝගිතා පැවැත්වීමට පිලිපීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය. එකම චීනය යන ප්‍රතිපත්තියට අනුගත වන පිලිපීනය, සුහද සාකච්ඡා මගින් මුහුදු කලාපය පිළිබඳ ගැටලු නිසි ලෙස විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියේය. පිලිපීනයේ වසංගතය මැඩපැවැත්වීම සඳහා චීනය ලබා දුන් අගනා සහනාධාරයන්ට පිලිපීන ජනාධිපතිවරයා කෘතඥතාව පළකළේය.

සාකච්ඡාවෙන් අනතුරුව, දෙරට නායකයන් හමුවේ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට අදාළ සංවර්ධනය, කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය, යටිතල පහසුකම් සහ සංචාරක යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ලියවිලි රැසකට අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම