ජගත් ප්‍රජාව සමග තොරතුරු හා දත්ත බෙදාගැනීම වගකීම් සහගතව ඉටුකරන බව චීනය කියයි
2023-01-04 19:37:03
Share with:

ජගත් ප්‍රජාව සමග තොරතුරු හා දත්ත බෙදාගැනීම චීනය වගකීම් සහගතව ඉටුකරමින් සිටී.

ඇමරිකානු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශක Ned Price මහතා ප්‍රකාශ කර ඇත්තේ, වසංගතය සම්බන්ධ තොරතුරු බෙදාගැනීමේ දී චීනය විනිවිද භාවයෙන් තොර  වූ අතර, එරට අදාළ තොරතුරු වැඩියෙන් සැපයිය යුතු බවයි. මේ අතර, ධවල මන්දිර ප්‍රවෘත්ති ලේකම් Karine Jean-Pierre මහත්මිය පැවසුවේ, චීනයෙන්   පැමිණෙන සංචාරකයන් සඳහා  ඇමරිකාව හා සෙසු රටවල් අදාළ  සෞඛ්‍ය පියවර ගැනීමේ අරමුණ වන්නේ ජනතාව ආරක්ෂා කිරීම බවයි. චීනය මීට අදාළව ප්‍රති පියවර නොගත යුතු බව ද ඇය පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, වසංගතය මතුවීමෙන් පසු චීනය වගකීම් සහගත ව ජගත් ප්‍රජාව සමග තොරතුරු හා දත්ත බෙදාගෙන ඇති බවයි. ගෙවී ගිය වසර 3 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග චීනය අවම වශයෙන් තාක්ෂණික හුවමාරු 60ක් සිදු කර තිබේ. විවිධ පාර්ශ්ව එක්ව වසංගතය දේශපාලනීකරණය කිරීම වළක්වා, පොදු උත්සාහයෙන් කඩිනමින් වසංගතය පරාජය කරනු ඇති බවට ද චීනය අපේක්ෂා පළකරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම