2023 වසන්ත උත්සව ප්‍රසංගයේ දෙවැනි පෙරහුරුව පැවැත්වෙයි
2023-01-03 23:03:49
Share with:

ලබන්නාවූ චීන සාම්ප්‍රදායික නව වසර සැමරීම සඳහා චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන 2023 වසන්ත උත්සව ප්‍රසංගයේ දෙවැනි පෙරහුරුව සාර්ථක ව පැවැත්වෙයි. එය අද (03) සිදුකෙරිණ.

‘ප්‍රීතිය, සුබදායී බව හා ආශ්චර්යය’ යන නව වසරේ චමත්කාරය පදනම් කරගන්නා එම ප්‍රසංගය ප්‍රීතිය, විශ්වාසය හා වෙහෙස මහන්සි වී වැඩකිරීම යන තේමාව ප්‍රකට කරයි. විචිත්‍රවත්, උණුසුම් සහ බලාපොරොත්තු සහගත වාතාවරණයක් තුළ නව වසරේ මව්රටේ සෞභාග්‍යය සහ ජනතා සහජීවනය උදෙසා වන සුබ ප්‍රාර්ථනා එම ප්‍රසංගය තුළ ගැබ් ව පවතී.

මෙවර වසන්ත උත්සව ප්‍රසංග වේදිකාවේ ප්‍රධාන සංකේතය ලෙස "මල්" භාවිත කෙරේ. එය බාහිර සැරසිල්ල පමණක් නොව, ප්‍රසංගයේ අභ්‍යන්තර නිර්මාණාත්මක ප්‍රකාශනය ද වේ. ප්‍රසංග වේදිකාවේ තේමා සංකේතය වන "මල්" චීන සාම්ප්‍රදායික නව වසරේ සෞභාග්‍යය සහ සුබදායී බව පමණක් නොව, චීනයේ අප්‍රමාණ ජීව ශක්තිය සහ ස්ථාවරත්වය ද ප්‍රකට කරයි.



ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම