මානව සාමය සහ සංවර්ධනය උදෙසා චීන ඥානය හා චීන විසඳුම් තම රට ඉදිරිපත් කරන බව චීනය කියයි
2023-01-03 17:49:02
Share with:

මානව සාමය හා සංවර්ධන ව්‍යායාමය උදෙසා තම රට චීන ඥානය හා චීන විසඳුම් තිළිණ කරන බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා MaoNing මහත්මිය අද (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය. 2023 නව වසර සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිරිනැමූ සුබ පැතුම් පණිවුඩය සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමුව තිබේ. වත්මන් චීනය, ලෝකයට සමීපව සම්බන්ධ වන දේශයක් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. සැම විට ම සාමය හා සංවර්ධනය වැදගත් කොට සලකන චීනය, මිතුරන් හා හවුල්කරුවන් අගය කරයි. ඉතිහාසයේ නිවැරදි පැත්තේ හිඳිමින් මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය වෙනුවෙන් පෙනී සිටින චීනය, මානව සාමය සහ සංවර්ධනය උදෙසා චීන ඥානය හා චීන විසඳුම් දක්වා ඇතැයි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කළ බව MaoNing මහත්මිය පැවසුවාය.

2023 වසරේ දී චීනය සමානාත්මතාව, විවෘතභාවය සහ සහයෝගිතාවයෙන් යුතු ගෝලීය හවුල්කාරීත්වය සක්‍රියව පුළුල් කරන අතර, විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇතැයි ද MaoNing මහත්මිය සඳහන් කළාය.

ගෝලීය ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් පොදු එකඟතාවන්ට එළඹ, වැඩි ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය සඳහා ගෝලීය පාලන පද්ධතිය ප්‍රතිසංස්කරණයට හා ගොඩනැගීමට චීනය සක්‍රියව දායක වනු ඇති බව ද ඇය තවදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම