බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයට නැවත එක්වීම සඳහා යළි ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට අනාවරණයක්
2023-01-03 11:05:40
Share with:

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව වසර දෙකකට පසු නැවත යුරෝපා සංගමයට එක්වීම සඳහා වූ ජනමත විචාරණයට බ්‍රිතාන්‍යයේ තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සහය දක්වන බව, සිදු කළ මත විමසුමක දී අනාවරණය වූ බව, ස්වාධීන වෙබ් අඩවිය පසුගියදා වාර්තා කළේය.

එම මත විමසුමට අනුව, බ්‍රිතාන්‍යය ජාතිකයින්ගෙන් සියයට 65ක් විශ්වාස කරනුයේ යුරෝපා සංගමයට නැවත එක්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි. වසරකට පෙර එහි ප්‍රතිඵලය වූයේ සියයට 55කි.මෙහි දී සියයට 54ක් බ්‍රෙක්සිට් වැරදි තීරණයක් බව ප්‍රකාශ කර ඇති අතර ,එය වසරකට පෙර සියයට 46ක් විය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම බ්‍රිතාන්‍යයේ ගෝලීය බලපෑම දුර්වල කර ඇති අතර ,එහි දේශසීමා පාලනය කිරීමට ඇති හැකියාව වඩාත් අයහපත් වී ඇතැයි අපේක්ෂා කරන පුද්ගලයින්ගේ ප්‍රතිශතය ද සියයට 50 දක්වා ඉහළ ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම