කඳුකරයේ පෑයූ සිහිනය
2023-01-03 14:25:13
Share with:

නිරිතදිග චීනයේ  Guangxi Zhuang ස්වායත්තයේ Nongyong ගම්මානයේ වසර 10කට පෙර,එක් සිමෙන්ති ඇතිරූ මාර්ගයක් පමණක් තිබුණා. ‘ කාන්තාරයක් වැනි වූ එම ප්‍රදේශය මානවයාට ජීවත් වීමට නුසුදුසුම ප්‍රදේශයක් ’ ලෙසටයි හැඳින්වුණේ. දුෂ්කර නමුත් සුන්දර ස්වාභාවික පරිසරයකින් යුක්ත වූ එම ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය පැවතුනේ පහළ මට්ටමක. එහි ගමනාගමන පහසුකම් ද ඉතා දුෂ්කර වුණා.

Nongyong පාසල එම ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මනරම් කඳු පන්තියකින් වටව පිහිටි මේ පාසලේ දරුවන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. පාසලේ ළමයින් පැයක දෙකක පමණ කාලයක් ගත කරමින් ලී ඉණිමඟක් හරහා කඳු තරණය කරමින් මේ පාසලට ළඟා වෙනවා.

ගෙවී ගිය වසර 10 තුළ, දිළිඳුකමෙන් මුදවා ගැනීමේ හා ගම්මාන පුනර්ජීවන වැඩපිළිවෙළ යටතේ,අධ්‍යාපන අංශය සංවර්ධනය කිරීමට ප්‍රාදේශීය රජය ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවා. ඒ අනුව ළමයින් පාසලට පිවිසෙන මාර්ගය පුළුල් කර ඇති අතර,පාසලට ගමන් කිරීමේ දී ලී ඉණිමඟ තරණය කිරීමට යළි කිසිදා අවශ්‍ය වී නැහැ.

මේ අතර, ප්‍රාදේශීය රජය චීන යුවාන් මිලියන 5ක් වියදම් කරමින් Nongyong පාසල ප්‍රතිසංස්කරණය කිරීමෙන්,පාසල් ගොඩනැගිලි, නේවාසිකාගාරය, ආපන ශාලාව, වැසිකිළිය ඇතුළු පහසුකම් ද සංවර්ධනය කර තිබෙනවා. ශ්‍රවණාගාරය, සංගීත පන්ති කාමරය,පුස්තකාලය මෙන්ම දුරස්ථ ඉගැන්වීමේ තාක්ෂණික පද්ධතිය ද එහි සකස් කර තිබෙනවා. බහු-මාධ්‍ය නව ඉගෙනුම් ක්‍රම ද එම පාසලට හිමි වීම විශේෂත්වයක්.

වර්තමානයේ, කඳුකර ප්‍රදේශවල ළමයින්ට ඉහළ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමට හැකි වී ඇති අතර, බොහෝ ළමයින් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ සිහිනය ද සාක්ෂාත් කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම