2023 ගෝලීය ආර්ථික ප්‍රකෘතියේ ඉදිරි දැක්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුපරීක්ෂාකාරී වෙයි
2023-01-03 15:25:01
Share with:

2023 වසරේ ගෝලීය ආර්ථික ප්‍රකෘතියේ ඉදිරි දැක්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුපරීක්ෂාකාරී ආකල්පයකින් පසුවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනි Kristalina Georgieva මහත්මිය පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී මේ බව පැවසුවාය.

2023 වසරේ ගෝලීය ආර්ථික ප්‍රකෘතියේ ඉදිරි දැක්ම පිළිබඳ මෙම සුපරීක්ෂාකාරී ආකල්පයට හේතු වන්නේ, ගෝලීය ආර්ථික වර්ධනයට සහාය වන “ප්‍රධාන ක්‍රියාකාරී රටවල්” ආර්ථික ක්‍රියාකාරකම්වල දුර්වලතා අත්විඳ තිබීම නිසා බව ද ඇය පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එහි 2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාවන් ඉක්මණින් අඩුකිරීමට සිදුවනු ඇති බව Kristalina Georgieva මහත්මියගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරේ.

වත්මන් ඇමරිකානු ශ්‍රම වෙළඳපොළ ධනාත්මක වුවද තමා එම තත්වය සම්බන්ධයෙන් ශුභවාදී නොවන බව ඇය පවසයි. ශ්‍රම වෙළඳපොළ ඉතා ප්‍රබල නම්, උද්ධමනය මැඩපැවැත්වීම සඳහා ෆෙඩරල් සංචිතය ඇතැම්විට මුදල් ප්‍රතිපත්තිය වඩාත් සක්‍රිය ලෙස දැඩි කිරීමට ඉඩ ඇති බව Kristalina Georgieva මහත්මිය සඳහන් කළාය.

2023 වසරේදී ඉහළ යන උද්ධමනය මැඩපැවැත්වීම සඳහා ෆෙඩරල් සංචිතය සහ ඇමරිකානු අනෙකුත් ප්‍රධාන මහ බැංකු විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගවලින් ආර්ථික වර්ධනයේ විශාල පසුබෑමකට ලක්වීම, ජනතාවගේ දැඩි කණස්සල්ලට හේතු වනු ඇතැයි ද ඇමරිකානු MarketWatch වෙබ් අඩවිය පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම