බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් හා මල්විනාස් දූපත් හි ස්වෛරීත්වය තහවුරු කළ යුතු කාලය එළඹ ඇත
2023-01-03 20:37:11
Share with:

2023 නව වසරේ පළමු දිනය, මධ්‍යම ඉන්දියන් සාගරයේ චාගෝස් දූපත් රාජ්‍යයේ වැසියන් ශුභාරංචියක් ලද දිනයකි. ඒ, මතභේදයට ලක්ව ඇති චාගෝස් දූපත් රාජ්‍යයේ ස්වෛරීභාවය පිළිබඳව බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මොරිෂස් අගමැති ප්‍රවින්ද් ජග්නවුත් මහතා කළ ප්‍රකාශයයි. චාගෝස් දූපත් මොරිෂස් රාජ්‍යයට නැවත එක්වීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ වී ඇති බව එයින් පිළිබිඹු වේ. චාගෝස් දූපත්හි අයිතිය විසඳීමෙන් පසු, බ්‍රිතාන්‍ය පාර්ශ්වය මල්විනාස් දූපත් පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙන අතර, හැකි ඉක්මණින් ආජන්ටිනාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීම ජාත්‍යන්තර ප්‍රජාවගේ තවත් වඩා බලාපොරොත්තුවකි.

බි‍්‍රතාන්‍යය ඉතිහාසයේ වැඩිම විදේශීය යටත් විජිත සහිත යුරෝපීය බලවතා විය. විවිධ ඓතිහාසික යුගවලදී බ්‍රිතාන්‍යය ලොව රටවලින් 90%ක් පමණ ආක්‍රමණය කළේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුවත්, බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් සහ මල්විනාස් දූපත් වැනි ස්ථානවල තවදුරටත් රැඳී සිටියේ වෙනත් රටවල ස්වෛරීත්වය පාගා දමමිනි.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් මොරිෂස් රාජ්‍යයට ආපසු පැවරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

1965 දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අංක 2065 යෝජනාව සම්මත කර මල්විනාස් දූපත් ප්‍රශ්නය "විජිතකරණය" ට ඇතුළත් කොට තම ආරවුල් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස බ්‍රිතාන්‍යයෙන් හා ආජන්ටිනාවෙන් ඉල්ලා සිටියේය. මල්විනාස් දූපත් ආජන්ටිනාවට අයත් මුහුදු කලාපයේ පිහිටා ඇති බව මහාද්වීපික සීමා පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම 2016 වසරේ දී තීරණය කළේය. යටත් විජිතකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුව ඒ පිළිබඳව ආජන්ටිනාව සමඟ සාකච්ඡා කරන ලෙස බ්‍රිතාන්‍ය රජය පොළඹවමින් යෝජනා 30 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.

එසේම ජාත්‍යන්තර ප්‍රජාව ආජන්ටිනාවට සහය දීම කිසිදා නතර කර නැත. ලතින් ඇමරිකාවේ හා කැරිබියන් කලාපයේ රටවල්, ඇමරිකානු රාජ්‍ය සංවිධානය, චීනය සහ රුසියාව ද මල්විනාස් දූපත් හි ස්වෛරීත්වය සඳහා ආජන්ටිනාවේ නීත්‍යනුකූල හිමිකම වෙනුවෙන් විවෘතව සහාය දක්වයි.

චාගෝස් දූපත් හි අයිතිය විසඳා ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ශ්වය මල්විනාස් දූපත් පිළිබඳ ගැටලුව කෙරෙහි අවධානය යොමුකර, එම දූපත් ආජන්ටිනාවට ආපසු පැවරීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡා  ආරම්භ කරනු ඇතැයි යන්න ජගත් ප්‍රජාවේ අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම