RCEP ගිවිසුම ඉන්දුනීසියාව සඳහා නිල වශයෙන් බලාත්මක වේ
2023-01-03 19:13:30
Share with:

RCEP ගිවිසුම ඉන්දුනීසියාව සඳහා නිල වශයෙන් බලාත්මක වේ.

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය හෙවත් RCEP ගිවිසුම 2023 වසරේ ජනවාරි 2 වැනිදා සිට ඉන්දුනීසියාව සඳහා නිල වශයෙන් බලාත්මක වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. මේ වන විට, චීනය RCEP ගිවිසුමට අයත් සෙසු සාමාජික රටවල් 14න් 13ක් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ගිවිසුම් ක්‍රියාත්මක කර ඇත.

RCEP ගිවිසුම ඉන්දුනීසියාව සඳහා බලාත්මක වීම, එහි පූර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැදගත් පියවරකි. එය කලාපීය ආර්ථික ඒකීයකරණයේ සංවර්ධනය සහ ‍ගෝලීය ආර්ථික වර්ධනය සඳහා නව ගාමක බලවේගයක් සපයනු ඇත. එසේම කලාපීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ සහ‍යෝගී සංවර්ධනය එමගින් තවදුරටත් ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම