ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර
2023-01-03 15:10:52
Share with:

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කෙරේ. එය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය පසුගිය මාස කිහිපයේ ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගෙන ආරම්භ කෙරිණ. දිවයින පුරා ජීවත්වන ලක්ෂ 8ක් පමණ වන ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් කළ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නව ක්‍රමවේදයන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා මේ අදහස් පළකළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම