වසංගත පාලනය ලිහිල් කරන ලෙස අඛණ්ඩව ඉල්ලීම් කළ රටවල්, නැවත චීන සංචාරකයින්ට සීමා පැනවීම පසුපස ඇති සැඟවුණු න්‍යායපත්‍රය කුමක්ද?
2023-01-03 10:29:06
Share with:

පසුගිය වසර අවසානයේ දී චීනය වසංගත පාලන ප්‍රතිපත්තිය නිසි ලෙස ලිහිල් කිරීමට කටයුතු කළේය. ආර්ථික සමාජයීය ව්‍යුහය පෙරට වඩාත් වේගවත්ව ප්‍රවර්ධනය වීමට එය හේතු වනු ඇත. එය ගෝලීය ආර්ථික උත්තේජනයන්ට සක්‍රීය සාධකයක් වන බව පිළිගනිමින් ජගත් ප්‍රජාව ද අදහස් පළ කළේය. එහෙත්, මීට පෙර චීනය ‘මුළුමනින් වසංගත පාලන ප්‍රතිපත්තිය ලිහිල් කර ගත යුතු’ බවට ප්‍රකාශ කළ ඇමරිකාව ඇතුළු රටවල්, චීනයේ වසංගත තත්ත්වය හේතුවෙන් නැවත නව වෛරස් ප්‍රභේදය මතු විය හැකි බව පවසමින් චීන සංචාරකයින්ට ආගමන සීමා ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු රජයේ මෙම තීරණය, ‘විද්‍යාත්මක නොවන, අහේතුක සහ වැරදි’ සහගත තීරණයක් බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත, බෝවන රෝග විශේෂඥවරුන්ගේ ඇගයීම් උපුටා දක්වමින් ඇමරිකානු රජය විවේචනයට ලක් කර ඇත. එය සුළුතරයක් වූ රටවල තවත් සාමූහික රංගනයක් බවත්, ඔවුන් වසංගතයේ වගකීම් චීනය දෙසට යොමු කොට චීනය මර්දනය සහ හුදකලා කිරීමට යළිත් කටයුතු කරමින් සිටින බව ද වි‍ශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

වර්තමානයේ චීනය පවතින තත්ත්වයන්ට අනුකූලව වසංගත පාලන ප්‍රතිපත්ති සකස් කරමින් සිටියි. දුෂ්කරතා හා අභියෝග හමුවේ වුව ද, සමස්තයක් වශයෙන් වසංගතය පාලනය කළ හැකි තත්ත්වයක පවතී. විවිධ ප්‍රදේශවල ආර්ථිකය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇත. ක්‍රමයෙන් සක්‍රීය වන සමාජ ව්‍යුහය තුළින්,සුභවාදී අපේක්ෂාවන් දැකිය හැකිය. විශේෂයෙන් දෙස් විදෙස් පුද්ගලයින්ගේ ආගමන හා විගමනයන්ට අදාළ වන විධිවිධාන ලිහිල් කිරීම රටවල් රාශියක ප්‍රසාදයට ද ලක් වී තිබේ.

‘අපූරු තායිලන්තය ඔබ වෙත පැමිණීමට වසර තුනක් පුරා බලා ගෙන සිටියි.’ යනුවෙන් තායිලන්තය ප්‍රකාශයක් සිදු කර තිබේ. එසේම, බොහෝ රටවල සංචාරක අධිකාරිය හා චීනයේ විදේශ තානාපති කාර්යාල චීන සංචාරකයින්ට ආරාධනා කර ඇත. එය සමස්ත ජගත් ප්‍රජාව නියෝජනය කරන හඬයි. ඇතැම් රටවල් යොදා ගත් යල් පැන ගිය උපායන්ට කිසිදු සහයක් ‍නොලැබේ. ලෝකය සෑම විටම අපේක්ෂා කරන්නේ සමගිය හා සහයෝගීතාව පිළිබඳ ශක්තිය බව මෙමගින් මනාව ගම්‍ය වනු ඇත. 


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම