නව වසරේ නිවාඩු කාලයේ චීන මගී ප්‍රවාහන සේවා ස්ථාවර මට්ටමක
2023-01-03 10:36:38
Share with:

නව වසරේ නිවාඩු කාලයේ චීන මගී ප්‍රවාහන සේවා ස්ථාවර මට්ටමේ පවතී.

පසුගිය දෙසැම්බර් මස 31වැනි දා සිට ඊයේ (02) දක්වා වූ නව වසරේ නිවාඩු කාලය තුළ චීනයේ දුම්රිය, මහ මාර්ග, සිවිල් ගුවන් සේවා හා නෞකා ඇතුළු මගී ප්‍රවාහන සේවා විධිමත් ව පැවති බව වාර්තා වේ. එම කාලයේ චීනයේ දෛනික දුම්රිය මගීන් සංඛ්‍යාව 50 ලක්ෂ 80 දහසක් විය. එය පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂ ව 109%ක වර්ධනයකි. නව වසරේ නිවාඩු කාලයේ මහ මාර්ග හා නාවික මාර්ග මගින් ගමන් ගත් පුද්ගල වාර සංඛ්‍යාව 6 කෝටි 14 ලක්ෂ 37 දහසකි. එය 2022 වසරේ සෙසු මාසවල සාමාන්‍ය තත්ත්වය හා සමානය. සිවිල් ගුවන් සේවා ද එම කාලයේ ස්ථාවර මට්ටෙමන් ක්‍රියාත්මක විය. දිනකට ගුවන් ගමන් 8613ක් සිදු කෙරුණු බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20230320සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම