බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ නව ජනාධිපතිවරයාට චීන ජනාධිපතිගෙන් සුභ පැතුම්
2023-01-03 10:42:47
Share with:

බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ඊයේ (2) දිවුරුම් දුන් Luiz Inacio Lula da Silva මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලිපියක් යොමු කරමින් ශුභාශිංසන පළ කළේය.

චීන - බ්‍රසීල පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. දෙරටට සහ දෙර‍ටේ ජනතාවට සහන සැලසීම සඳහා උපායමාර්ගික සහ දිගුකාලීන ඉදිරි දැක්මකින් චීන - බ්‍රසීල පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වය උසස් මට්ටමකට ගෙනයාමට සහ ප්‍රවර්ධනය උදෙසා එක්ව කටයුතු කිරීමට චීනය කැමැතෙන් සිටින බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම