මුළු රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනපති කියයි
2023-01-02 16:09:54
Share with:

2023 වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් මුළු රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව වසරේ වැඩකටයුතු අරඹමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවකයන්ගේ රාජකාරි දවසේ පැය 8කට සීමා නොවන බව හෙතෙම පෙන්වාදෙයි. 2023 අවසන් වන විට රට සාමන්‍ය තත්ත්වයට පත්කිරීමට සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියාසිටියේය.

රාජ්‍ය ආයතනවල සියලුම කාර්ය මණ්ඩල අද (02) පෙරවරුවේ දිවුරුම් දී නව වසරේ රාජකාරි අරඹා ඇත.

ගුවන් විදුලිය
20231002සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම