ඇමරිකාවේ ‘උද්ධමනය අඩු කිරීමේ පනත’ට රටවල් රැසකින් විරෝධතා
2023-01-02 17:25:33
Share with:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පසුගිය වසරේ අත්සන් කළ ‘උද්ධමනය අඩු කිරීමේ පනත’ට රටවල් රැසක විරෝධය පළ වේ.

මෙම පනතට අනුව, උතුරු ඇමරිකාවේ එකලස් කළ නව විදුලි මෝටර් රථ හා භාවිත කළ විදුලි මෝටර් රථ මිල දී ගන්නා පවුල් ආදායම් බදු ගෙවීමෙන් නිදහස් කෙරේ.  ඊයේ(01) සිට ක්‍රියාත්මක මෙම පනතින්  ඇමරිකානු රජය සිදුකර ඇත්තේ, තම විදුලි මෝටර් රථ කර්මාන්තයට  අධිසහනාධාරයක් ලබාදීමකි. ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂකවාදය ද ඉන් පිළිබිඹු වෙයි.

එම පනතට ප්‍රතිචාර දක්වමින්, තීරණාත්මක කර්මාන්ත සඳහා නිසි සැපයුම් දාමයන් ඇති කරන්නැයි ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය පසුගිය 29 වැනි දා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි බව Russia Today රූපවාහිනී සේවය වාර්තා කර ඇත.

එමෙන් ම, පසුගිය දෙසැම්බර් මාසයේ, ලෝක වෙළඳ සංවිධානයට අයත් සාමාජික රටවල්, ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්ති විමර්ශනය  කිරීමේ රැස්වීමක් ජිනීවා හි දී පැවැත්වීය. එහිදී බොහෝ රටවල් ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින්, ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටුකරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම