චීන ජනපතිගේ නව වසරේ සුබ පැතුම් පණිවුඩයට ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර
2023-01-02 16:37:56
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නව වසරේ සුබ පැතුම් පණිවුඩයට රට පුරා ජනතාවගෙන් ප්‍රබල ප්‍රතිචාර පළ වේ.

2023 නව වසරට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවුඩය පිරිනැමීය. ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කරගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමඟ සමීප වී චීනයේ අසිරිමත් අනාගතය උදෙසා, විවිධ ප්‍රයත්න ඔස්සේ විස්මයන් නිර්මාණය කරන බව බොහෝ ප්‍රදේශවල වැසියන් පවසා ඇත.

ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කළ “උත්සාහයන් තුළින් විස්මය නිර්මාණය කිරීමේ” සංකල්පය තමා දිරිගන්වනසුලු බව Shannxi පළාතේ Nangou ගම්මානයේ නිලධාරියෙකු වන Zhang Guanghong මහතා පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ෂී ජින් පිං මහතාගේ ප්‍රථම සංචාරය Shannxi පළාතේ Yan’an නගරයේ සිදුකෙරුණු අතර ජනාධිපතිවරයා  එහිදී Nangou ගම්මානය නිරීක්ෂණය කළ බව ද Zhang Guanghong මහතා සිහිපත් කළේය. නව වසරේ තම ගම්මානය ඇපල් වගාව මගින් මනාව සංවර්ධනය කර, ගම්වැසියන්ගේ ආදායම් නැංවීමේ ඉලක්කය සාක්ෂාත් කිරීමට උත්සාහ දරන බව ද හෙතෙම පැවසීය.

“චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම සම්පූර්ණයෙන් අවසන් වීම” ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ විශේෂයෙන් සඳහන් කිරීම  තමා තුළ දැඩි ප්‍රීතියක් හා ආඩම්බරයක් ජනිත කළ බව චීන ගගනගාමී Fei Junlong මහතා පැවසීය.

2023 නව වසරේ දී,  ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ශක්තිමත් රටක් ගොඩනැගීම පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දී ගනු ලැබූ ප්‍රධාන තීරණ සහ සැලසුම් මනාව ක්‍රියාත්මක කරන බව Zhejiang පළාතේ Hangde නගරයේ දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ශිල්පී Sha Qianli මහතා කියාසිටී.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නව වසරේ සුබ පැතුම ජනතාව දිරිගන්වන අතර, මව්රටේ සහාය යටතේ හොංකොං සහ මැකෞ යන විශේෂ පරිපාලන කලාපවල ඉදිරි දර්ශනයන් වඩාත් ප්‍රබල වනු ඇතැයි විශ්වාස කරන බව හොංකොං සහ මැකෞ හි වැසියන් පවසා ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම