නව විදුලි ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලයට
2023-01-02 16:10:56
Share with:

නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (02)  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙහිදී විදුලි ඒකකයක් සඳහා අය කරන ගාස්තුව මෙන් ම ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

මේ වන විට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 29යි ශත 14ක් වැය වන හෙයින් එම ගාස්තුව රුපියල් 48යි ශත 42 දක්වා ඉහළ දැමීමට මෙහිදී යෝජනා කෙරෙනු ඇත.

එසේම, කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අයකෙරුණු රුපියල් 20ක ගාස්තුව රුපියල් 26ක් දක්වා වැඩි කිරීමට ද යෝජනා කෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම