9 වන සේද මාවත ජාත්‍යන්තර සිනමා උළෙ‍ල ඇරඹේ
2023-01-02 15:55:03
Share with:

චීන මාධ්‍ය සමූහය, Shaanxi පළාත් ආණ්ඩුව හා Fujian පළාත් ආණ්ඩුව එක්ව සංවිධාන කරන 9 වන සේද මාවත ජාත්‍යන්තර සිනමා උළෙල ඇරඹේ. සමාරම්භක උත්සවය ඊයේ(1) Xi’an නගරයේ දී පැවැත්විණ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී මාර්ගගතව දේශනයක් පවත්වමින් පැවසුවේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‌ගේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇති බවයි.

චීන මාධ්‍ය සමූහය අඛණ්ඩව චින්තනය, කලාව හා තාක්ෂණය යන අංග මනාව සංකලනය වූ, අධිගුණාත්මක භාවයෙන් යුතු විශිෂ්ට සිනමා ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය. පාකිස්ථානය, නේපාලය, චෙක් ජනරජය හා ටජිකිස්තානය යනාදී එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති හා සම්බන්ධ රටවල තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සමාරම්භක උත්සවයට එක්වූහ. රටවල් හා ප්‍රදේශ 90 ක චිත්‍රපට 1598ක් සේද මාවත රන් සම්මානය සඳහා මෙවර සිනමා උළෙලට එක් කර ඇත. "සේද මාවත ඔස්සේ ලෝකය එකට බැඳීම හා සිනමා නිර්මාණ තුළින් Xi’an නගරය දීප්තිමත් කිරීම" මෙවර සිනමා උළෙ‍‍ලේ තේමාව යි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම