RCEP ගිවිසුමෙන් කලාපීය ආර්ථික වර්ධනයට ප්‍රශස්ත ගාමක බලයක්
2023-01-02 20:11:07
Share with:

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය හෙවත් RCEP ගිවිසුම ක්‍රියාත්මක කර ඊයේ(01) දිනයට වසරක් සපිරේ.

RCEP ගිවිසුම, ආසියාන් සංගමය විසින් යෝජනා කරන ලද්දකි. එහි සාමාජික රටවල් වනුයේ ආසියාන් සංගමයේ රටවල් 10 සහ චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යි. වැඩිම ජනගහණයක් හා විශාලතම ආර්ථික පරිමාණයක් සහිත නිදහස් වෙළඳ ගිවිසුම වන්නේ ද මෙයයි. ඊට අත්සන් තැබූ රටවල් 15 න් 13ක්ම ඉකුත් වසරේ ඵලදායී ප්‍රතිඵල අත්කරගෙන තිබේ.

RCEP ගිවිසුමට චීනය එක්වීම බෙහෙවින් ම වැදගත් බව පිළිගැනේ. ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටක් මෙන්ම ලොව දෙවැනි විශාල ම ආර්ථික ඒකකය ලෙස, චීනය RCEP ගිවිසුම තුළ 60%ක ආර්ථික ප්‍රමාණයක් ගැනීම විශේෂත්වයකි.

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා, චීනය සහ RCEP ගිවිසුමට අයත් සෙසු සාමාජික රටවල් අතර ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 11.8ට ළඟා වී ඇති අතර, එය 2021 වසරේ සමාන කාලයට වඩා 7.9%ක වර්ධනයකි. ඇමරිකානු Peterson ජාත්‍යන්තර ආර්ථික ආයතනයේ අනාවැකියක් අනුව, 2030 වසර වනවිට, RCEP ගිවිසුමට එහි සාමාජික රටවල් වෙත ඇ.ඩො. බිලියන 519ක අපනයන ශුද්ධ වර්ධනයක් ගෙන දිය හැකි වනු ඇත.

ආසියන් සංගමයට අයත් රටවලට, RCEP ගිවිසුමෙන් හිමිවන  ප්‍රධාන ලාභය වන්නේ තීරු බදු අවම කිරීමෙන් ආනයන පිරිවැය අඩුවීම හා අපනයන අවස්ථා වැඩිවීමයි.  ගිවිසුම ක්‍රියාවට නැංවීමෙන් පසු, චීනය හා ආසියාන් සංගමයේ රටවල් අතර කඩිනම් ශුන්‍ය තීරු බදු අනුපාතය 65% ඉක්මවා ඇත. එම රටවල ආනයන හා අපනයන වෙළඳාමට එමගින්  ගාමක බලයක් හිමිව  තිබේ.

RCEP ගිවිසුම අධිගුණාත්මක භාවයෙන් යුතුව තවදුරටත් ක්‍රියාවට නැංවීමත් සමග එම සාමාජික රටවල් කලාපීය හා ලෝක ආර්ථිකය වෙත අඛණ්ඩ ව ප්‍රශස්ත සවියක් ලබාදෙනු නොඅනුමානයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම