නව වසරට චීනයෙන් ලෝකයට ආශිර්වාද
2023-01-01 16:46:47
Share with:

වසර 2023 උදා වීමට පෙර දිනයේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සම්ප්‍රදායානුකූලව නව වස‍රට සුබ පැතුම් පණිවිඩය නිකුත් කළේය. වත්මන් චීනය ලෝකය සමග සමීපව බැඳී ඇති අතර අනාගතයේදී චීනය වඩාත් සුන්දර රටක් වනු ඇති බව එහිදී සඳහන් ක‍ළ ඔහු, ලෝක සාමය හා සතුට රැ‍ඳේවායි ද ප්‍රාර්ථනා කර ඇත.

එය චීනයේ නව වසර පිළිබද අභිලාෂය, මෙන්ම ලෝකයට නව වසරට ත්‍යාගයක් ලෙස ද සැලකේ. ෂී ජින්පිං මහතාගේ එම සුබ පැතුම් පණිවිඩය හදවත් උත්තේජනය කිරීමක් හා මුළු ලෝකය දිරිගැන්වීමක් බව විශ්ලේෂකයෝ පවසති.

ගෙවී ගිය වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්විණ. එය එම වසරේ චීනයේ වැදගත්ම සිදුවීම ලෙස විදේශ මාධ්‍ය අගය කළේය. වසර 2022 ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට අඛණ්ඩව පත්වූ චීනය යුවාන් ට්‍රිලියන 120ක දළදේශීය නිෂ්පාදිත වටිනාකමක් බිහි කර ඇත.

පසුගිය වසරේ වසංගත රැලි ගෝලීය වශයෙන් වරින් වර මතු වූ අතර ඔමික්‍රොන් මුළු ලෝකයටම බලපෑම් කළේය. ‘දැනට වසංගත පාලනය නව අදියරකට පිවිස තිබෙන නමුත්,  තවමත් දුෂ්කරතා පවතී. කෙසේ වුවද ජයග්‍රහණයේ ආලෝකය දැකීමට බලාපොරොත්තු තැබිය හැකිය. තවදුරටත් සමගියෙන් කටයුතු කරමින් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව මේ සටනින් ජය ගැනීමට වෑයම් දැරීමට සෑම දෙනා දිරිගැන්වීමට කැමති’ බව චීන ජනාධිපතිවරයා සිය නව වස‍රට එක් කළ සුබ පැතුම් පණිවිඩයේ අවධාරණය කළේය. එම කතාව චීනයටත් ලෝකයටත් මහඟු විශ්වාසයක් ලබා දී තිබේ.

ගෙවී ගිය වසරේ, සියවසක විපර්සායය වේගවත් වූ අතර ලෝකයේ නොසන්සුන්බවක් පැවතිණ. එනමුත් චීනය හා ලෝකය සමග සම්බන්ධතාව පෙරට වඩා සමීප වූ බව දක්නට ලැබේ.  ධෛර්යවන්තව උද්‍යෝගිවත්ව ඉදිරියට ගමන් කරමින් සිටින චීන ජාතිකයන්ට අනාගත චීනය වඩාත් සුන්දර ලෙස ගොඩනැගීමට හැකි වන සේ, ලෝකය සමග පොදු ජය බෙදා ගන්නා චීනය, ගෝලීය සංවර්ධනය වෙනුවෙන් වඩාත් ධනාත්මක බලය එකතු කරනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම