2023 දී චීනය ලෝකයට වැඩි අවස්ථා සහ අපේක්ෂා ගෙන දෙනු ඇත
2023-01-01 20:43:11
Share with:

චීන ජනතාවගේ ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සහ රොයිටර් ඇතුළු බොහෝ විදේශීය මාධ්‍යන්හි මේ දිනවල වාර්තා වෙයි.

නව වසර ආරම්භයේදී, චීනයේ බෙයිජිං සහ ෂැංහයි වැනි නගරවල පවතින ජීව ශක්තිය චීනයේ ප්‍රකෘතියේ වැදගත් සංඥාවක් ලෙස සැලකේ. ඊයේ (31) අලුත් අවුරුදු උදාවේදී, ෂැංහයි නගර මධ්‍යයේ ජනතාවගෙන් පිරී තිබුණි. චීනය පුරාම එවැනි ජීව ශක්තිය දැක ගත හැකිය.

මෑතකදී, චීනයේ වසංගත පාලන ප්‍රතිපත්තිය සකස් කෙරිණ. වසංගත පාලනය නව අදියරකට පිවිස තිබේ. එම වෙනස් වීම සිදු වූයේ රෝග පිළිබඳ අවබෝධය, ජනගහන ප්‍රතිශක්තිකරණ මට්ටම, සෞඛ්‍ය පද්ධතියේ ශක්තිය සහ සමාජ මහජන සෞඛ්‍ය මැදිහත්වීම් මත පදනම්වයි. නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු ගත වූ වසර තුන තුළ, වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා චීනය සැලසුම්වල සංස්කරණ නවයක්, ප්‍රශස්තිකරණ පියවර විස්සක්, "නව රෙගුලාසි දහයක්" සහ නවතම වසංගත පාලන විධිවිධාන නිකුත් කර ඇත. ඒවා සුදුසු, විද්‍යාත්මක සහ චීනයේ සැබෑ තත්ත්වයට ගැලපෙන ප්‍රතිපත්ති වේ. ඉන් චීන ජනතාවගේ සෞඛ්‍ය උපරීම ලෙස ආරක්ෂාවට ලක් කෙරිණ. ඉන් චීනයේ වත්මන් ධනාත්මක ශක්තිය උදා වී තිබේ.

ලෝකයට, බෙයිජිං සහ ෂැංහයි ප්‍රකෘතිමත් වීම මනා පුවතකි. වත්මන් මන්දගාමී ලෝක ආර්ථිකයට වෙන කවරදාටත් වඩා එවැනි නිශ්චිතභාවයක් අවශ්‍ය වේ. ලෝක ආර්ථික රටාව තීරණාත්මක හැරවුම් ලක්ෂණයකට ළඟා වන විට, චීන ආර්ථිකයේ ප්‍රකෘතිය ලෝකයට විශාල ප්‍රතිලාභයක් වනු ඇත.

  "චීන සංචාරකයින්ගේ පැමිණීම අපේක්ෂා කිරීම" සහ "චීනය වෙත යෑමට කැමැත්තෙන් සිටීම"  බොහෝ විදේශිකයන්ගේ සැබෑ හඬ බව විවිධ විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ලෝකය හා චීනය අතර සමීප සබඳතාවයේ සැබෑ නිරූපණයකි. ජවයෙන් සහ ජීව ශක්තියෙන් පිරී චීනය, 2023 දී චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය ප්‍රවර්ධනය කරමින් මේ ලෝකයට වඩා වැඩි අවස්ථා සහ අපේක්ෂා ගෙන දෙනු ඇති බව ලෝක වාසීහු විශ්වාස කරති.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම