ඊශ්‍රායලයේ නව අගමැතිවරයාට චීන අගමැතිවරයාගෙන් සුබපැතුම්
2023-01-01 16:07:53
Share with:

Benjamin Netanyahu මහතා ඊශ්‍රායල අගමැතිවරයා ලෙස යළි තේරී පත්වීම සම්බන්ධයෙන් චීන අගමැති ලී ක ච්‍යං මහතා සුබ පැතුම් පිරිනමයි.

මෑත වසරවල දෙරටේ සබඳතාව ස්ථාවර ලෙස සංවර්ධනය වෙමින් පවතින අතර විවිධ ක්ෂේත්‍රවල සහ‍යෝගිතා පුළුල් වෙමින් පවතින බව ලී ක ච්‍යං මහතා ඊයේ (31) සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කළේය. ද්විපාර්ශ්වික සබඳතාව චීනය වැදගත් කොට සලකයි. එක්ව දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය මෙන්ම සහයෝගීතාව ගැඹුරු කර, චීන-ඊශ්‍රායල් නව්‍ය විස්තීරණ හවුල්කාරිත්වයේ නීරෝගී හා ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම