2023 වසර නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් - ජනපති
2023-01-01 16:24:00
Share with:

ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගතකළ වසරක් නිමා කරමින් ජනතාව 2023 නව වසරට පිවිස තිබෙන බවයි.

රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ මෙරට සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටී.

දැනටමත් මෙම අයහපත් කාලය පසුකර ඇති බවට තමන් විශ්වාස කරන බවත් 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා 2023ට වසර 75ක් සපිරෙන නමුත්, බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබාගැනීමට අප මෙතෙක් සමත් වී නොමැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින අතර එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම