ආර්ථික දෛනික පුවත්පත ස්ථාපිත කිරීමේ 40 වැනි සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-01-01 19:40:10
Share with:

ආර්ථික දෛනික පුවත්පත ස්ථාපිත කිරීමේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා ලිපියක් යොමු කරමින් එම පුවත්පතේ කාර්ය මණ්ඩලය වෙත සුබපැතුම් පිරි නමා ඇත. 

ආර්ථික දෛනික පුවත්පත චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ආත්මය ගැඹුරු ලෙස අධ්‍යයනය කර නිවැරදි දේශපාලන දිශානතිය අනුගමනය කරනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය. ආර්ථිකය පිළිබඳ වාර්තාකරණයේ නව අදහස් සහ ක්‍රමවේද නවීකරණය කර පූර්ණ මාධ්‍ය සන්නිවේදන පද්ධතිය ගොඩනැගීම කඩිනම් කිරීමට එම පුවත්පතට හැකි වනු ඇත. එමඟින් චීන ආර්ථිකයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ නව යුගයේ චීන ආර්ථික සංවර්ධන වාර්තාකරණය සඳහා නව දායකත්වයක් ලබා දීමට ආර්ථික දෛනික පුවත්පතට හැකි වන බවට තමා විශ්වාස කරන්නේ යැයි ද ෂී ජින්පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම