නව වසරට චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රේක්ෂකයන්ට සුබ පැතුම්
2023-01-01 15:01:02
Share with:

2023 ජනවාරි 1 වැනිදා, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා CGTN, චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය සහ අන්තර්ජාලය මගින් විදේශ ප්‍රේක්ෂකයන් වෙත නව වසරට නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය:

හිතවත් මිත්‍රවරුනි,

උණුසුම් හිරු රශ්මිය විඳිමින්, අපි සුන්දර අපේක්ෂාවලින් පිරෙන 2023 වසර පිළිගන්නෙමු. බෙයිජිං නුවර සිට මාගේ සුබපැතුම් ඔබට පිරිනමමි.

2022 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්විණ. චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය මගින්, පුළුල් ලෙස චීන ජාතියේ පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමේ මාර්ගය එම කොංග්‍රසයෙන් තහවුරු කෙරිණ. නව යුගය නියෝජනය කරමින්, සාක්ෂිකරුවෙකු සහ පටිගතකරන්නෙකු ලෙස, චීන මාධ්‍ය සමූහය එම කොංග්‍රසයේ උත්කර්ෂවත්බව ලොවට ඉදිරිපත් කර ඇත. මේ අතර, "නිවැරදි ගමන්මඟ " සහ "දසවසක හරස්කඩ" ඇතුළු විශිෂ්ට වැඩසටහන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. නව යුගයේදී අසාමාන්‍ය ජය දිනා ගත් රටේ දස වසර දක්වන එම වැඩසටහන්, දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ පුළුල් ප්‍රසාදයට ලක්ව තිබේ.

 “සියලු වැඩසටහන් මනා වැඩසටහන්” යන අරමුණ සාක්ෂාත් කරගැනීමට,  ගෙවී ගිය වසර තුළ, චීන මාධ්‍ය සමූහය “සිතුවිලි +කලාව+තාක්ෂණය” ඒකාබද්ධ නවෝත්පාදනය ගවේෂණය කරමින් සිටී. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳ වාර්තාකරණයේදී, අප විද්‍යාත්මක තාක්ෂණය භාවිත කර ඔලිම්පික් හි සියළු වටිනාකම් සහ චීන සංස්කෘතිය සුසංයෝගයෙන් ඒකාබද්ධ කරමින්, එම උළෙලේ අපූරුබව පූර්ණ ලෙස ප්‍රේක්ෂකයින් වෙත ගෙන දීමට සමත් විය. එම උළෙලේ වාර්තාකරණය පිළිබඳව චීන මාධ්‍ය සමූහය දැක්වූ පෙර නොවූ විරූ සාර්ථකත්වය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා අගය කර ඇත.

මේ අතර, චීන මාධ්‍ය සමූහයේ " චීන සම්භාව්‍ය කෘති " සහ "චීනයේ කවි සහ සිතුවම්" වැනි වැඩසටහන්, චීන ශිෂ්ටාචාරය දීර්ඝකාලීනව ඉදිරියට ගෙනයාමේ කලාත්මක විග්‍රහයන් වන අතර, මානව ශිෂ්ටාචාරයේ පොදු සුන්දරත්වයට කෙරෙන අඛණ්ඩ ගවේෂණයක් ද වේ.

අපගේ වසන්ත උත්සව ප්‍රසංගය, මැද සරත් උත්සව ප්‍රසංගය සහ අලුත් අවුරුදු ප්‍රසංගය ආදිය විදේශයන් අතර චීන සංස්කෘතියේ නව විලාසිතාවක් ඇතිකර ඇත. අප විසින් සංවිධාන කරන ලද "චීන චිත්‍රපට හා වීඩියෝ වැඩසටහන් උළෙල" මෙන්ම, "චීන-ලතින් ඇමරිකානු මිත්‍රත්වය" සහ "චීන-අප්‍රිකා මිත්‍රත්වය" නමැති විකාශන හා තිරගත ක්‍රියාකාරකම් රැසක්, ශිෂ්ටාචාර හුවමාරුවට සහ ජනතා මිත්‍රත්වයට පාලමක් ගොඩනගා තිබේ.

ගෙවී ගිය වසර තුළ ප්‍රථම ගෝලීය මාධ්‍ය නිර්මාණශිලී සංසදය, චීන-ආජන්ටිනා උසස් පෙළේ මානව හා සංස්කෘතික හුවමාරු සාකච්ඡාව, චීන අරාබි මාධ්‍ය සහයෝගතා සාකච්ඡාව යනාදී ක්‍රියාකාරකම් අප විසින් පවත්වන ලදි. එවන් කලාපීය මාධ්‍ය හවුල්කාරීත්ව සහයෝගතා ක්‍රමවේද සංවර්ධනය කිරීමත් සමගම ජගත් මාධ්‍ය ආයතන සමග මිත්‍රත්වය වැඩිදියුණු වී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් අනතුරුව, ‘නව ගමනක ඉදිරියට යන චීනය හා ලෝකය’ නැමැති මාධ්‍ය ක්‍රියාකාරකම් 58ක් අපගේ ප්‍රධානත්වයෙන් විදේශයන්හිදී පැවැත්විණ. ඒ හරහා චීන ලක්ෂණයෙන් යුතු නවීකරණයේ කාලීන වටිනාකම හා ලෝකයට එයින් ඇති වැදගත්කම අපි විවිධ රටවල මිත්‍රයින් සමග අදහස් හුවමාරු කර ගත්තෙමු. ජාත්‍යන්තර මාධ්‍ය ආයතන 2000ක් පමණ ඒ පිළිබඳව වාර්තා කර ඇත.

ඉතිහාසයේ නිවැරදි පැත්තේත්, මානව ශිෂ්ටාචාරයේ දියුණු පැත්තේත් ස්ථිරව රැඳී සිටින චීනය මානවයින්ගේ සාමකාමී හා සංවර්ධන ව්‍යායාමයට සිය බුද්ධිය හා චීන විසඳුම් ලබා දීමෙහි නියැළී සිටින  බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බොහෝ වරක් අවධාරණය කර ඇත.

එසේම ප්‍රචාරක හැකියාව ජගත් මාධ්‍ය ආයතනයක් ඇගයීමේ වැදගත් දර්ශකයක් වන අතර, සත්‍යවාදී බව ඕනෑම මාධ්‍ය ආයතනයක ජීවයයි. ගෙවී ගිය වසර තුළ සිය ගෝලීය පුවත් වාර්තාකරණ ජාලය පරිපූර්ණ කිරීමටත් උණුසුම් පුවත් වාර්තා කිරීමේ හැකියාව ඉහළ නංවාලීමටත් අප අඛණ්ඩව උත්සාහ දරා සිටියි. අපේ මාධ්‍ය වේදිකා මගින් හසුරවන භාෂා සංඛ්‍යාව 44රේ සිට 68ක් දක්වා වැඩි වූ අතර අපේ වැඩසටහන් රටවල් හා ප්‍රදේශ 233කින් ආවරණය වී තිබේ. යුක්‍රේන රුසියා අර්බුදය, ගෝලීය වසංගත තත්ත්වය යනාදී කරුණු පිළිබඳ වාර්තාකරණයේදී, අප අගතිය ප්‍රතික්ෂේප කර සත්‍යවාදී මතවාදයේ එල්බ සිට ජගත් ප්‍රජාව වෙත විෂයමූලික, සාධාරණ ස්ථාවරය මෙන්ම චීන විසඳුම් ද ප්‍රචාරය කර තිබේ.

නව වසරේදී අපි අඛණ්ඩව උද්‍යෝගිමත්ව, අධිෂ්ඨානයෙන් යුක්තව ඉදිරියට යමින් ජගත් ප්‍රජාව සඳහා බහුවිධ කෝණයන්ගෙන් නව යුගයේ චීනයේ නව තත්ත්වයන් වාර්තා කිරීමට සූදානමින් සිටියි. උදා වූ නව වසර, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ දස වැනි සංවත්සරය සනිටුහන් වීම ද විශේෂත්වයකි. අප, මාධ්‍ය ආයතන අතර මිත්‍රත්වය හා ශිෂ්ටාචාර අතර හුවමාරු පුළුල් කිරීමට අඛණ්ඩව ප්‍රයත්න දරනු ඇත. එමෙන්ම, මානවයින්ගේ පොදු වටිනාකම ප්‍රචාරය කිරීමටත් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමටත්, මාධ්‍ය ආයතනයක් විසින් දැරිය යුතු වගකීම් මනා ලෙස ඉටු කරලීමට කටයුතු කරනු ඇත.

‘වසත් කාලයේ, කඳුකරය හා ගංගාවන් සුන්දරය.

සුළං හා මුසුව ගහ කොළ මල් සුවඳත් හමාවි’

ඒ කාව්‍ය පද සේම, වසන්ත කාලයට පා තැබීමත් සමගම යළිත් ඔබට සුබ නව වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. සියළු දෙනා තුළම සාමය හා සතුට රැඳේවා!

ස්තූතියි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම