රජයේ ආයතනවල උත්සව මේ වසරටත් තහනම්
2023-01-01 16:26:29
Share with:
රජයේ ආයතන විවිධ උත්සව සඳහා කරන වියදම් නතර කරන ලෙසට වූ නියෝගය 2023 වසර අවසානය දක්වාම බලපැවැත්වෙන බව දන්වමින් මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
2023 වර්ෂය තුළ වියදම් දැරීම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව 2023 වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරීන්ගේ වගකීම බව තරයේ අවධාරණය කර ඇත.