ඇමරිකාව බටහිර ආසියානු ප්‍රදේශයේ “අස්ථිර සාධකයක් ”බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි
2023-01-01 16:19:21
Share with:

ඇමරිකාව බටහිර ආසියානු ප්‍රදේශයේ “අස්ථිර සාධකයක් ”බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි.

ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Nasser Kanaani මහතා පසුගිය 30 වනදා මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකාව ගල්ෆ් හා බටහිර ආසියානු ප්‍රදේශයේ විනාශකාරී දෑ සිදු කරන බවත් එම ප්‍රදේශයට එය අස්ථීර සාධකයක් බවත් හෙතෙම පැවසීය. 

ඉරාන විදේශ අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනුව, පසුගිය 30 වැනිදා Nasser Kanaani මහතා නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාව 2023 මුදල් වර්ෂයේ ජාතිකාරක්ෂණ බලය පැවරීමේ පනත තුළ ඉරානය හා සම්බන්ධ කරුණු පිළිබඳව ප්‍රතිචාර දක්වා තිබේ.‍ අදාළ කලාපය තුළ හමුදා කඳවුරු විශාල සංඛ්‍යාවක් ඉදි කළ ඇමරිකාව වෙනත් රටවලට වඩා වැඩි යුද හා ආරක්ෂණ විකුණුම් සහ සහයෝගීතා ගිවිසුම්වලට එළඹ ඇති බවත්,ඒවා කලාපීය සාමය සහ ස්ථාවරත්වය කෙරෙහි අවදානම් වැඩි කළ බවත් හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම