නව ස්විස් සම්මේලන ජනාධිපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-01-01 19:07:00
Share with:

ස්විස් සම්මේලන ජනාධිපති ධුරයට අලුතෙන් පත්වූ Alain Berset මහතා වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

  ‘සමානත්වය, නිර්මාණශීලිත්වය, පොදු ජයග්‍රහණය’ පිළිබඳ චින්තනය යටතේ චීන ස්විට්සර්ලන්ත සම්බන්ධතාව යහපත් වර්ධන ප්‍රවණතාවක පවතින බව ෂී ජින්පිං මහතා අද(1) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ගොඩනැගීමත් සමගම විවිධ ක්ෂේත්‍රවල සහයෝගතාව ද ව්‍යාප්ත වී තිබේ. ස්විට්සර්ලන්තය සමග සම්බන්ධතාව තමා වැදගත් කොට සලකන බව ෂී ජින්පිං මහතා පවසයි. දෙරටටත් දෙරටේ ජනතාවටත් සුබ සෙත ලබා දීම සඳහා, Alain Berset මහතා සමග එක්ව නිර්මාණශීලිත්ව උපායමාර්ගික හවුල්කාරීත්වය නව ප්‍රගතිය කරා ළඟාවීම ප්‍රවර්ධනය කිරීමට තමා කැමති බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියි. 

මේ අතර චීන උප ජනාධිපති වං චීෂන් මහතා, ස්විස් සම්මේලන උප ජනාධිපති ධුරයට අලුතෙන් පත් වූ Viola Amherd මහත්මිය වෙත ද සුබ පැතුම් පිරිනමා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම