චීනය, ඇන්ටිගුවාව හා බාබුඩාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 40වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරු සුබ පැතුම් හුවමාරු කර ගනිති.
ගෙවී ගිය දශක හතරක් තුළ දෙරටේ සම්බන්ධතාවය විධිමත් ලෙස වර්ධනය වූ අතර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ද තවහුරු කර ඇතැයි ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. ද්විපාර්ශ්වීය සහයෝගතාවයේ පොහොසත් ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර ජනතාව අතර මිතුදම ද ගැඹුරු වී තිබේ. නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු දෙරට එකිනෙකාට සහාය වූ අතර දුෂ්කරතා මඟහැරීමට පොදුවේ තැත් කර ඇත. චීන-ඇන්ටිගුවාව හා බාබුඩා සම්බන්ධතාවයට තමා දැඩි ලෙස සලකන අතර ආණ්ඩුකාර Rodney WILLIAMS මහතා සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා කියා සිටියි. ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ වඩාත් සුන්දර අනාගතයකට ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩ පිළිවෙළ ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව පොදුවේ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ දෙරටේ සම්බන්ධතාව දිනෙන් දින සමීප වූ බව ඇන්ටිගුවාවා හා බාබුඩාවේ ආණ්ඩුකාර Rodney WILLIAMS මහතා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කළේය. චීනය සමග යහපත් සම්බන්ධතාවය ආරක්ෂා කිරීමෙහි තම රට නියැළී සිටින බව ද ඔහු පැවසීය.
මේ අතර දෙරටේ රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 40වැනි සංවත්සරය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, රාජ්‍ය මණ්ඩල සාමාජික වං යී මහතා ඇන්ටිගුවාව හා බාබුඩාවේ විදේශ ඇමති E. P. Chet Greene මහතා සමග ද සුබ පැතුම් හුවමාරු කර ගත්හ.