මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි චීනය
2022-03-14 08:34:41
Share with:

මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි චීනය_fororder_下载 (1)

චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය නොකඩවාම තහවුරු ව තිබෙන්නේ, පැරණි කාලයේ දෙරට අතර මිත්‍ර කතා අද වන විටත් ප්‍රචලිත වී තිබෙන නිසා පමණක් නොව, නූතන කාලයේ දෙරට අසීරු අවස්ථාවලදී පෙර සේම එකිනෙකාට සහාය වූ නිසා බව නිසැකිවම කිව හැකියි.

මෙවන් නොසැලෙන මිතුදම, සංකීර්ණ ගෝලීය පරිසරය හා විපර්යාසය සපිරි වත්මන් යුගය හමුවේ  නම් අතිශයෙන් වැදගත්, වටිනා දෙයක්.

පසුගිය දා  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි රැස්වීම ජිනිවාහිදී පැවැත්වුණා. මෙවර රැස්වීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්යට එරෙහිව නැඟූ හඬට චීනය යළිත් සිය විරෝධතා පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ආරක්ෂාව හා ප්‍රවර්ධනය සඳහා දැරූ උත්සාහයන් ප්‍රශංසාවට ලක් කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බවත් චීන නියෝජිතයා, එහි පැවති ශ්‍රී ලංකාව පිළිබඳ සංවාදයකදී ප්‍රකාශ කළා.

මිත්‍රශීලි අසල්වැසියෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, ජාතික සංහිඳියාව හා රටේ එක්සත්භාවය චීනයේ අවංක අපේක්ෂාවයි. මානව හිමිකම් සුරැකීම මෙන්, ආර්ථික හා සමාජ සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව ලද කැපී පෙනෙන දියුණුව හා ජාතික සමාදානය ඉදිරියට මෙහෙයවීමේ වැදගත් ජයග්‍රහණ චීනයේ පැසසුමට ලක්වන බව චීන නියෝජිතයා පැවසුවා.

මානව හිමිකම් කවුන්සිලය මීට පෙර ශ්‍රී ලංකාවට අදාලව ගත් ඇතැම් තීරණ, සාධාරණ, යුක්තිසහගත හා නිර්දේශපාලනීකරණය පිළිබඳ මූලධර්මයට පටහැනියි. ඉන් සිදු වෙන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සංරක්ෂණය හා රටේ සමාදානය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දරා ඇති ප්‍රයත්නවලට බාධා එල්ල වීම පමණයි. අනතුරුව චීන නියෝජිතයා ප්‍රකාශ කළේ අදාළ පාර්ශ්වයන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය හා දේශපාලන නිදහසට ගරු කරමින් ශ්‍රී ලංකාව රටේ තත්ත්වයට අනුකූලව ක්‍රියාත්මක කරන මානව හිමිකම් සංවර්ධන මාර්ගයටත් ගරු කළ යුතු බවයි. අදාල පාර්ශ්වයන්, මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම හා මානව හිමිකම්  ප්‍රශ්නය මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කළ යුතු බව ද චීනය ස්ථිර ලෙස අවධාරණය කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම