චීන රජයේ ආධාර අනුපාතිකය දිගින් දිගටම ඉහළ යන්නේ ඇයි?
2022-03-12 15:14:08
Share with:

චීන රජයේ ආධාර අනුපාතිකය දිගින් දිගටම ඉහළ යන්නේ ඇයි?_fororder_QQ图片20220312151257

ඊයේ (11) චීන ජාතික මහජන කොංග්‍රස් සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේෂක සභාවේ ජාතික කමිටු සැසිවාරය යන සැසිවාර දෙක අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුව පෙර වසරවල මෙන්ම ජනතාවගේ ජීවනෝපාය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.

බදු සහන දී කුඩා හා ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වය ලබා දීම, ව්‍යවසායන්ට සහ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය අඛණ්ඩව සිදු කිරීම ,ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල අනිවාර්ය අධ්‍යාපනය සඳහා ආයෝජන තවදුරටත් වැඩි කිරීම යනාදී කරුණු එහිදී වැඩි වශයෙන් ප්‍රකාශ කෙ‍රිණ.

සංඛ්‍යාලේඛනවලට අනුව, චීනයේ වෙළඳපල වෘත්තිකයින් මිලියන 150 ක් පමණ සිටින අතර, පුද්ගලික කාර්මික හා වාණිජ කුටුම්භ සංඛ්‍යාව මිලියන 100කට ළඟාවී තිබේ. ඒවායේ මිලියන 300 කට ආසන්න පිරිසකගේ රැකියාවේ නිරතවෙති. වෙළෙඳපොළේ ප්‍රධාන වෘත්තිකයින් ආරක්ෂා කිරීමේ දී  කුඩා හා ක්ෂුද්‍ර ව්‍යවසායන් සහ තනි කාර්මික හා වාණිජ කුටුම්භ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

"රැකියාවක් ඇති විට ආදායමක් ඇත, ජීවිතයට වෘත්තියක් ඇති වට, එය සමාජයට ධනය ද නිර්මාණය කරයි." මෙය චීන රජයේ ප්‍රතිපත්ති තර්කයයි.

මීට අමතරව, චීන රජය වෛද්‍ය රක්ෂණය සහ අධ්‍යාපනය වැනි මූලික ජීවනෝපාය සහතික කිරීම අඛණ්ඩව වැඩිදියුණු කර ඇත. මේ වසරේ චීන රජය ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල අනිවාර්ය අධ්‍යාපනය සඳහා වන ආයෝජනය තවදුරටත් වැඩි කරනු ඇත.

චීන රජයට වසර පුරා ලෝකයේ ඉහළම ආධාර අනුපාතිකය පවත්වා ගැනීමට හැකිවී ඇත්දැයි  තේරුම් ගැනීම අපහසු නැත. චීනයේ පාකිස්ථාන තානාපති Moinul Haque විශ්වාස කරන්නේ චීනයේ පාලන ආකෘතිය ජනතා කේන්ද්‍රගත එකක් බවත්, තීරණ ගනු ලබන්නේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා බවත්ය.

නව වසරේ, චීන රජය ජනතාවගේ ජීවනෝපාය සහතික කිරීම සහ වැඩිදියුණු කිරීම ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස අඛණ්ඩව කරගෙන යන අතර, චීන ජනතාවට වඩා හොඳ ජීවිතයක් නිර්මාණය කිරීමට උපරිම උත්සාහයක් දරනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම