‘චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයෙන් නියම වූ ඉලක්ක ඉටු කිරීමට උද්‍යෝගිමත්ව වෑයම් දරන්නෙමු’ මැයෙන් යුතු චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දේශන ලිපිය ‘Qiushi’සඟරාවේ පළ වේ.
එම ලිපිය ‘Qiushi’ සඟරාවේ වසර 2023 ජනවාරි මස පළමු කලාපයේ පළ කිරීමට නියමිතය.
ෂී ජින්පිං මහතා එම දේශනය සිදු කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ පළමු පූර්ණ සැසියට එක්වෙමිනි.
පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයෙන් නව යුගයේ නව ගමනක් ආරම්භ කළ පක්ෂයේ හා රටේ සංවර්ධන ව්‍යායාමය හා, දෙවන සියවසේ ඉලක්කය ඉටු කිරීම සඳහා දිශානතිය පෙන්වා, ක්‍රියාමාර්ග ද නියම කර ඇතැයි, එම දේශනයේදී ෂී ජින්පිං මහතා පැවසීය.
පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ චින්තනය අනුගමනය කරමින් එහි නියම වූ ඉලක්ක සඳහා සමගියෙන් උද්‍යෝගිමත්ව කටයුතු කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ නායක මණ්ඩලයේ දැවැන්ත දේශපාලන කාර්ය භාර්යය වේ. නව මධ්‍යම කාරක සභාව සමස්ත පක්ෂයේ, රටේ හා විවිධ ජන වාර්ගික කණ්ඩායම්හි විශ්වාසය හා අදාල වගකීම් ද දරා සිටියි. එය ගෞරවනීය කීර්තියක් මෙන්ම, ශ්‍රේෂ්ඨ මෙහෙවරක් ද වන බව ෂී ජින්පිං මහතා එම දේශනයෙන් පෙන්වා දී තිබේ.