Cyril Ramaphosa මහතා දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපතිවරයා ලෙස යළි තේරී පත්වීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.
චීන කොමියුනිස්ට් පක්ෂය සහ දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු වන බව ෂී ජින් පිං මහතා අද (31) සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කළේය. ද්විපාර්ශ්වික සහයෝගිතාවන්හි ජයග්‍රහණ ප්‍රබල වන අතර එය දෙරටේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීමට වැදගත් දායකත්වය ලබා දී ඇත. Cyril Ramaphosa මහතා සමඟ, දෙරටේ සහ පක්ෂ දෙකෙහි සබඳතා වඩා ඉහළ මට්ටමකට ගෙන යාමටත්, අත්වැල් බැඳගනිමින් නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ප්‍රජාවක් හා මානව ප්‍රජාවක් ගොඩනැගීමටත් කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.