මේ වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ ගෙවුම් ශේෂය සමතුලිතයි
2022-12-31 16:49:36
Share with:

මේ වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ ගෙවුම් ශේෂය සමතුලිතව පවතින බව චීන ජාතික විදේශ විනිමය පිළිබඳ දේපාර්තමේන්තුව පවසයි.

නව දත්තවලට අනුව, මේ වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ ජංගම ගිණුමේ අතිරික්තය ඇමරිකානු ඩොලර් බිලියන 310.7 කි. එය ඉතිහාසයේ එම කාලය තුළ වාර්තා වූ ඉහළම අගයයි. එමෙන්ම චීනයේ විදේශ සෘජු ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 161.9 ක් වූ අතර එය 2019 වසර හා 2020 වසරේ සමාන කාල සීමාවේ පැවති මට්ටම්වලට සාපේක්ෂව ඉහළ අගයක් සටහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම